31 C
Colombo
Wednesday, May 21, 2025

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

- Advertisement -

මධ්‍යම ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමට ඉරානයේ සහාය ලබන හූති සටන්කරුවන් සමත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ උතුරු යේමනය පාලනය කරනු ලබන හූති සටන්කරුවන්ට විශාල වන්දියක් ගෙවීමට සිදුවිය හැකි බවයි.

අද (15) එල්ල වූ එම ප්‍රහාරය එම කලාපයට හූති කැරලිකරුවන් එවැනි ප්‍රහාරයක් එල්ලකළ පළමු අවස්ථාව ලෙස සඳහන් කළ හැකියි.
   
හූති ප්‍රකාශක යහ්යා සේරියා පැවසුවේ එම ප්‍රහාරය සඳහා කිලෝ මීටර් 2,040ක් පමණ දුර ගමන්කළ හැකි හයිපසොනික් බැලස්ටික් මිසයිලයක් යොදාගත් බවයි.

එම දුර යෑමට එම මිසයිලයට ගතවී ඇත්තේ විනාඩි 11 1/2ක්.

මධ්‍යම ඊශ්‍රායලයේ වගා බිමකට එම මිසයිලයේ කොටස් වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් වී නොමැති බවද වාර්තාවනවා.

මෙම වසරේ ජූලි මාසයේදී හූති සටන්කරුවන් විසින් පළමුවරට ඊශ්‍රායලය ට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකළ අතර ඉන් එක්‌ පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලැබුවා.

ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් හොදෙයිඩා වාරය කලාපයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඉන් 6 දෙනෙක් මියගොස් 80ක් පමණ තුවාල ලබා තිබුණා.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

ආණ්ඩුව විගණකාධිපති පිටින් ගේන්න හදනවා-හර්ෂ

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියා....

POPULAR ARTICLES