පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රහීම් යාර් ඛාන් හි හින්දු කෝවිලකට ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් පහරදී හානි සිදුකර තිබේ.
එරට මාධ්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන් සියයක් පමණ කෝවිලට ගල් මුගුරුවලින් ප්‍රහාර එල්ල කර හානි පමුණුවා ඇති බවයි.
ඉස්ලාම් ආගමට අපහාස කළ බවට වන චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් හින්දු තරුණයෙකු ඇප මත මුදාහැරීමට ගත් තීරණයකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රකෝප වූ පිරිස් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවසේ.
ආගමික අපහාසයට අදාළ නීති හේතුවෙන් පකිස්තානයේ ෂියාවරු, හින්දූන්,ක්‍රිස්තියානීන් විශාල පීඩනයට ලක්ව සිටින අතර මෙම නීති යටතේ විවිධ චෝදනා නගමින් ඔවුන්ව මර්දනය කිරීම ලොව පුරා අවධානයට ලක්ව තිබේ.