24 C
Colombo
Tuesday, January 21, 2025

මෝදි සිංගප්පූරු පාර්ලිමේන්තුවට ගිහින්

- Advertisement -

බෲනායි සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුවට පැමිණ තිබුණා.

සිංගප්පූරු රජයෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු අතර, මෝදි සිංගප්පූරු පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු සිංගප්පූරු පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි.

අග්‍රාමාත්‍ය මෝදි සමඟ ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝ පිරිසක් ද මෙම සිංගප්පූරු සංචාරයට එක් වී සිටියා.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලොරන්ස් වොහ්ගෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

ඉන්දියාවත් සිංගප්පූරුවත් අතර පවතින සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම මෝදිගේ මෙම සංචාරයේ අරමුණ වනවා.

පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍ය මෝදි පිළිගැනීමට නිල රාජ්‍ය උත්සවයක් ද සංවිධානය කර තිබූ අතර, නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන සමරු පුස්තකයේද සටහනක් තැබුවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...