29.7 C
Colombo
Wednesday, April 24, 2024

වසරකට වැඩි ගොවි විරෝධතා හේතුවෙන් මෝඩි ගොවි පනත් තුනක් අහෝසි ‍කරයි

- Advertisement -

වසරකට වැඩි කළක් පැවති ගොවි විරෝධතා හේතුවෙන් පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ආන්දෝලනාත්මක ගොවි පනත් තුනක් අහෝසි කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කර තිබෙනවා.

මෙම පනත්වලට එරෙහිව ගොවීන් දහස් ගණනක් පසුගිය නොවැම්බර් මාසයේ සිට දිල්ලි දේශසීමාවේ විරෝධතාවයේ නිරත වුණා.

ගොවීන් පවසන්නේ මෙම නීති මගින් ගොවිතැනට පුද්ගලික සමාගම්වලට ඇතුළුවීමට ඉඩ සැලසෙන අතර එමඟින් ඔවුන්ගේ ආදායමට හානියක් සිදුවන බවයි.

පසුගිය මාස කිහිපය තුළ ගොවීන් හා රජය අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවතියද ඒවා අසාර්ථක වුණා.

ඒ මෝදි රජයේ අමාත්‍යවරුන් මෙම නව නීති ගොවීන්ට යහපත් ඒවා බවට ඒත්තු ගැන්වීම සඳහා දිගින් දිගටම උත්සහ කිරීම හේතුවෙනි.

දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම තීරණයට හේතුවන්නට බොහෝ දුරට ඉඩ ඇත්තේ ගොවීන් විශාල සංඛ්‍යාවක් සිටින පන්ජාබ් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණ බවයි.

RECENT ARTICLES - SINHALA

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...