මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් ජයහ්‍රගණය කළ මොහොමඩ් මුයිසු එරට ජනාධිපති ධූරයට පත්ව තිබෙනවා.
ඒ, 54%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.
මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇති මුයිසු මේ වන විට 54 වන වියේ පසුවනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, චීන හිතවාදීයෙකු වන ඔහු ‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය ඔස්සේ සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ඇති බවයි.
මේ අතර ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී, මුයිසු සමඟ තරග වැදුණු මාලදිවයින හිටපු ජනාධිපති 61 හැවිරිදි ඊබ්‍රහීම් සෝලී, පරාජය බාර ගනිමින් මුයිසුට සුබ පතා තිබෙනවා.
ඊබ්‍රහීම් සෝලී ඉන්දීය හිතවාදියෙක් වන අතර ඔහුගේ කාල සීමව තුළ ඉන්දියාව හා මාලදිවයින අතර සබඳතා ශක්තිමත් කිරීමට ඔහු කටයුතු කර තිබුණා.