32 C
Colombo
Friday, January 17, 2025

නැගෙනහිර සංවර්ධනයට ඉන්දියාවෙන් සල්ලි

- Advertisement -

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතයි.

ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වනවා.

මේ යටතේ ව්‍යාපෘති 33ක් හඳුනාගෙන ඇති අතර මෙමගින් නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ එම පළාතේ ජනතාවගේ සමාජ සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාව වනු ඇති.

ඒ අනුව අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වනවා.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපතිවරයා යොමුකළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...

Breaking: විදුලි ගාස්තුව පහළට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින්...

POPULAR ARTICLES