මහවැව නගරයේ ඉන්ධන පිරවුම්හලට අද (15) අලුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු එහි කළමනාකරුට පහරදි පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර මුදල් කොල්ලකා පලා යාමේ සිද්ධියක් සම්බන්දයෙන් පරික්ෂණයක් පවත්වන බව තොඩුවාව පොලිසිය පවසනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු පිස්තෝලයක් වැනි ආයුධයක් තමන්ට පෙන්වා පහරදි පිරිවුම් හලේ මුදල් ලාච්චුවේ තිබු රුපියල් 207,500 ක මුදලක් කොල්ලකා පලා ගිය බවට ඉන්දන පිරවුම්හලේ කළමනාකරු තොඩුවාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඉන්ධන පිරවුම්හල අසල සවිකර ඇති ආරක්ෂක කැමරාවල දර්ශන උපයෝගි කරගෙන මුදල් මංකොල්ල කා පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනිමට තොඩුවාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශනය කටයුතු වල යෙදි සිටිනවා.