27.2 C
Colombo
Saturday, June 21, 2025

මහින්ද දැන්වත් කියන්න ඕන ‘කොල්ලෝ අයින් වෙයන් කියලා’ – දොඩම්පහල රාහුල හිමි

- Advertisement -

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලෙස පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා තිබෙනවා.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගියදා (16)  නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු සඟ සමුළුවක්  අමතමින් ඒ හිමියන් මේ බව් පවසා තිබුණා.

එහිදී අදහස් දැක්වූ දොඩම්පහල රාහුල හිමියන් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ වී අනෙකුත් අපේක්ෂකයින්ට ලබාදෙන ඕනෑම සහයෝගයක් රටේ සත්‍යවාදී ආගමට, ආරක්ෂාවට සහ භාෂාවට එරෙහිවීමක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන්,

“අනේ අපේ පුතානෝලා සර්ලා ඔබලා දෙන ඔය අනුග්‍රහය සමහරක් වෙලාවට අනියම් හෝ නියම් වශයෙන් හෝ වෙනපැත්තකට ඔය අර අදින්නේ රනිල් සර්ට විරුද්ධව යැවෙනවා නම් මේ රටේ සෑබෑ දහමට, ආරක්ෂාවට, භාෂාවට යැවෙනවා නම් ඔබතුමන්ලා දෙපාරක් තුන්පාරක් සිතත්තවා. මගේ රටේ 2009 විජයග්‍රාහී ජයග්‍රහණය අරන්දීලා අභය දීපු මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානනී ඔබගේ පිළිරූ හදලා මේ මිනිස්සු වදී මේ මොහොතේදී හරි පුත්‍රයා ගෙන්නලා කරුණාකර, කොල්ලෝ අයින්වෙයන් කියලා මේක ගෙනියන්න ඉඩ දෙන්න කියන්න. මේ ඡන්ද ටික එකට එකතු කරන්න. ඔබ සැබෑ නායකයෙක් නම් දේශප්‍රේමියෙක් නම් මේ රටට සැබෑ ආදරේ නම් මේ මොහොතේ ඒක කරලා.. කොල්ලො මේ වෙලාවේ අයින් වෙයන් කියන්නේ. නාමල් පුතේ ඔයාට නිසි අවස්ථාව ආවාහම එදාටත් රාහුල හමුදුරුවෝ එතන ඉන්නවා. ඔබ තව ගොඩ නැගෙන්න ඕනේ.”

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES