27 C
Colombo
Friday, March 29, 2024

Moody’s අසමත්..! – කබ්රාල්

- Advertisement -

මෙරට දියුණුවන ආර්ථිකය පිළිබඳව සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නැවත වරක් අසමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් තීරණාත්මක උත්සාහයන් ඔවුන් අතාර්කිකව නොසලකා හැර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ, ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නිකුත් කළ වාර්තා පිළිබදව සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවත් , ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බව ද මහ බැංකු අධිපතිවරයා සිය ට්විට්ර් සටහනේ සදහන් කර ඇත.


RECENT ARTICLES - SINHALA

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...