32 C
Colombo
Friday, January 17, 2025

මූඩිස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දාලා

- Advertisement -

මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

රොයිටර් පුවත් සේවය ඊයේ (23) පස්වරුවේ මේ බව නිවේදනය කළා.

එහි දැක්වෙන්නේ, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් බිලියන 12.55 කට අදාළ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවසර දීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවට විදේශීය ණය ගෙවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණා.

එය පසුගිය සතියේ අවසන් අදියරට පැමිණියේ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට ආයෝජකයින් කැමැත්ත පළ කිරීමෙන් පසුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවති ණය ශ්‍රේණිය ඉහළ දැමීමට ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ද පියවර ගත්තා.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර...

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

POPULAR ARTICLES