මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම “පහත හෙලීම සඳහා සමාලෝචනයට ලක්ව ඇත” යනුවෙන් ගත් තීරණය ගැන පුදුමයට පත්වා බවත් එය “අනවශ්‍ය” ප්‍රකාශයක් වන්නා සීම “කාලානුරූපී නොවන, වැරදි සහ පිළිගත නොහැකි” ප්‍රකාශයක් බවට ශ්‍රී ලංකා රජය පවසනවා.
2021 ජූලි මස අවසන් වන විට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය (අයිඑස්බී) ද ඇතුළුව, කල් පිරෙන විදේශ ණය වගකීම් ආපසු ගෙවීම සඳහා ප්‍රමාණවත් අරමුදල් ශ්‍රීලංකා රජය විසින් විසින් සූදාන කර ඇති බවයි මෙරට මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා රජයේ Caa1 විදේශ මුදල් දිගුකාලීන නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ අනාරක්‍ෂිත ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම සඳහා සමාලෝචනය කර ඇති බවයි පෙරේදා (19) දින මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් නිවේදනය කර සිටියේ.

