29 C
Colombo
Wednesday, March 29, 2023

කුඩා බිළිදුන් විකුණූ බේබි ෆාම් හිමිකරුට මහා සංඝරත්නයත් ආශිර්වාද කරලා

- Advertisement -

ගැබිනි මව්වරුන් ගිවිසුමකට යටත්කර ගිවිසුම ප්‍රකාරව ඔවුන්ගෙන් බිළිඳු දරුවන් ලබාගෙන එම දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්වුණා.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු 47 හැවිරිදි පුද්ගලයා මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරක කටයුතු සිදුකරමින් CSC Nation Lanka නමින් අදාල ආයතනය පවත්වාගෙන ගොස් තිබෙනවා.

විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් මගින් ඔවුන්ගේ ඉපදීමට සිටින දරුවන් සදහා ඔහු ගිවිසුම් සකසා දරුවන් ලබාගැනීමේ ජාවාරමක කලක පටන් මොහු නියැලී තිබෙනවා.
මෙම ජාවාරම විදෙස් රටවලදී හදුන්වන්නේ “බේබි ෆාම්“ යනුවෙනි.
අදාල විමර්ශනවලින් මෙම පුද්ගලයා සමග කටයුතු කළ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක්ද සොයාගෙන තිබෙනවා.
මොහු මේ වන විට එවැනි කුඩා බිළිදු දරුවන් 30 දෙනෙකු පමණ විකුණාදමා ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.
මෙම පුද්ගලයා හට විවිධ දේශපාලන බලවතුන්ගේ මෙන්ම පූජ්‍ය පක්ෂයේද සහය ලැබී තිබෙනවා.
ඔහුගේ අසාමාන්‍ය දරු සෙනෙහද දැක්වෙන වීඩියෝ පට වරින් වර ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර ඒවා විවේචනය කරමින් මෙහි සැඟවුණු යම් අරමුණක් ඇති බවට ප්‍රකාශ කල පුද්ගලයන් හට බොහෝ පිරිස් දැඩි ලෙස විරෝධය පලකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...