24 C
Colombo
Tuesday, March 21, 2023

මීටරෙන් නම් වැඩිපුර තෙල්..!

- Advertisement -

මිල ප්‍රදර්ශනය කරන (මීටර්) ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ව්ව්, අද (06) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

දැනට ඉන්ධන පිරවුම් හල් වලින් ලබාදෙන තෙල් කෝටාවට අමතරව එම ඉන්ධන කෝටාව ලබාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කරන්නේ.

එම වැඩපිළිවෙල ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය මගින් තොරතුරු ලබාදීමෙන් පසුව ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කියා සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ වන විට අපි පොලිස් ස්ථානවලට සහ පළාත් පාලන ආයතනවලට එ් වගේම ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් දීලා තියෙනවා විශේෂයෙන්ම මේ ත්‍රීරෝද රථ අතුරින් වෘත්තීමය වශයෙන් පූර්ණ කාලීනව කටයුතු කරන ත්‍රීරෝද රථ හඳුනා ගන්න කියලා. මොකද පූර්ණ කාලීනව කටයුතු කරන, වෘත්තීමය වශයෙන් කටයුතු කරන ත්‍රීරෝද රථ හඳුනා ගත්තොත් පමණයි අපිට විකල්ප ක්‍රමයකින් වැඩි ඉන්ධන සලාකයක් ලබාදීමට කටයුතු කරන්න අපිට පුළුවන් වන්නේ. ඒ අරමුණෙන් තමයි අපි ලියාපදිංචි කරන්න කිව්වේ පොලිස් ස්ථානවල ළඟම තියෙන පිරවුම් හලෙන්. නමුත් මේ වනතුරුත් පසුගිය ගිය සති 5ක කාලය තුළ අපි ත්‍රීරෝද රථවලට කිසිසේත්ම කියලා නෑ මෙන්න මේ අහවල් පිරවුම්හලෙන් විතරක් ගන්න කියලා. ඒ නිසා ඔවුන්ට ලංකාවේ තියෙන ඕනෑම පිරවුම්හලකින් ගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම ඉදිරියේදී අපි සලාක ක්‍රමය වැඩිකිරීමට බලාපොරොත්තු වෙනවා. ගමනාගමන කොමිෂන් සභාව හරහා අපිට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබ‍ෙදෙන නිර්දේශ අනුව විශේෂයෙන්ම මීටර් ටැක්සි තිබෙන ඒ වගේම මිල ගාස්තු ප්‍රදර්ශනය කරලා ඒ මිල පමණක් සාධාරණව අය කරන පිරිස්වලට වැඩි ඉන්ධන කොටාවක් ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ ලබාදෙන කොටාව පමණක් අර ලබාදෙන ඉන්ධනහල්වලින් ලබා ගන්නත් ඔවුන්ට සාමාන්‍යයෙන් ලබා දෙන ලීටර් 5 ඕනෑම ඉන්ධනහලකින් ලබා ගැනීමටත් තමයි අපි වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ. ඒක අපිට ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශයත් පළාත් සභාවලින් තොරතුරු ලබා දුන්ට පසු එ්ක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”


RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.