30 C
Colombo
Tuesday, April 29, 2025

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීම ගැන තවත් තොරතුරු

- Advertisement -

කෙසෙල්වත්ත, පීර්සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට තට්ටුකර දිවගොස් තිබුණා.

එය අසල වූ ආරක්ෂක කැමරාවක (CCTV) ද සටහන්වී තිබෙනවා.

එම අවස්ථාවේදී මාර්ගයේ ගමන්කරමින් සිටි අදාළ නිවසේ පදිංචි තරුණයෙකු එම දරුවා අල්ලාගෙන නිවස තුළට බලහත්කරයෙන් රැගෙන යන අයුරු අදාළ දර්ශනවල දැක්වෙනවා.

එලෙස නිවස තුළට දරුවා රැගෙන ගොස් බියගැන්වීම සඳහා නිවසේ දොර අගුළුදමා ඇති තරුණයා පසුව නිවසේ වැසිකිළියට ගොස් තිබෙනවා.

ඒ අතරතුරදී දරුවා නිවසෙහි තෙවැනි මහලට ගොස් යාබද නිවසෙහි වහල මතට පැන අනතුරුව ඉන් බිමට පැන ඇති බව පොලීසිය සඳහන් කළා.

එය අසල වූ ආරක්ෂක කැමරාවක (CCTV) සටහන්වී තිබෙනවා.

එහිදී අඩි 10ක පමණ උසකින් බිමට පනින දරුවා බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නිවැසි තරුණයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ තරුණයාගේ පියා සඳහන් කර තිබුණේ, ළමුන් දිනපතා පුරුද්දක් ලෙස නිවසේ ගේට්ටුවට තට්ටු කර සැඟවී පලා යන බවත්, එදින සිය පුත්‍රයා විසින් මෙම දරුවා බිය ගැන්වීම උදෙසා මෙලෙස නිවසේ රඳවාගෙන සිට ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අනතුරුව පොලීසියට භාරදෙනවා යැයි කළ බියගැන්වීම හේතුවෙන් දරුවා උඩුමහලේ පඩිපෙළෙන් ගොස් බැල්කනියෙන් අල්ලපු නිවසේ වහලය මතට පැන යළිත් පාරට පැන ඇති බවයි.

අදාළ දරුවාගේ නිවස ද එම ආසන්නයේ ම පිහිටා ඇති අතර දරුවාගේ මිත්තණිය විසින් කියා සිටියේ දරුවා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අදාළ නිවසේ පිරිස් දරුවාට පහරදීම් සිදුකර නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව...

මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්න – මහින්ද

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඊයේ (29) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ...

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES