23 C
Colombo
Friday, February 14, 2025

මන්නාරම වෙඩි තැබීම ගැන වැඩිදුර තොරතුරු

- Advertisement -

මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එමෙන්ම සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා  තිබුණා.

අද උදෑසන 9.20 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් පැමිණි සැකකරුවන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ සිදු වූ ඝාතන සිදුවීම් දෙකක් වෙනුවෙන් සැකපිට අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවන් පිරිසක් ඉලක්ක කොට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

පොලීසිය පවසන්නේ, වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES