ගාල්ල, හිනිදුම, පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ රාත්‍රී 11:30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
වෙඩිවැදුණු පුද්ගලයන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලිසිය පැවසුවා.
වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බව සඳහන් වනවා.
මියගිය අය අතර 29 සහ 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර අනිත් පුද්ගලයාගේ වයස තහවුරු කරගෙන නැහැ.
සැකකරුවන් සොයා හිනිදුම පොලිසිය විමර්ශන අරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවා.