27 C
Colombo
Sunday, October 13, 2024

ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

- Advertisement -

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ (25) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මෙලස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා තිබුණේ 55 හැවිරිදි මොහොමඩ් රිල්වාන් නමැති හේනමුල්ල මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක්.

වෙඩිවැදුණු මොහොමඩ් රිල්වාන් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩුකන්නාගේ සමීපතයෙකු බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

කලක පටන් පූකුඩුකන්නා සහ කුඩු සෙල්විගේ පුතාවන රිමෝෂන් නැමැත්තා අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ නිව්හැම් චතුරස්‍රයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබු අතර එහිදී තුවාල ලැබූ රිල්වාන් නමැති එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කුකුළු මස් වෙළෙඳසැලක් අසළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර...

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවධානම දීර්ඝ කරලා

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය...

මහනුවරින් පාර්ලිමේන්තුවට මාලිමාවෙන් එන්න ඉන්න අය

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් පහළොස් දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයින් පසුගිය (11) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...

ජාතික ජනබලවේගයේ කොළඹින් තරඟ වදින පිරිස

මහමැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම පසුගිය (09) දින නාමයෝජනා පත්‍ර අත්සන් කරනු ලැබුවා. ඒ අනුව එම නාමයෝජනා පත්‍ර අද (11)...