24 C
Colombo
Thursday, January 23, 2025

වැලිගම වෙඩි තැබීම ගැන තවත් තොරතුරු එළියට

- Advertisement -

වැලිගම ප්‍රදේශයේ අද (04) අලුයම සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් අනියුක්ත කර තිබෙනවා.

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම පොලිස් කණ්ඩායම් යෙදවීමට නියමිතයි.

මේ අතර, මෙම සිද්ධියට අදාළව සැකකරුවන් පැමිණි බවට සැක කරන යතුරු පැදියක් වැලිගම – මූණ මල්පේ ප්‍රදේශයේ වැවක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. වෙඩි තැබීම සදහා ටී – 56 ගිනි අවියක් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි.

යතුරුපැදි 03කින් පැමිණි නාඳුනන පිරිසක් අද අලුයම වැලිගම කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුට වෙඩි තබා පලාගොස් තිබුණා.

මෙම පිරිස මාතර බන්ධනාගාරයේදී ගසක අත්තක් කඩා වැටිමෙන් මිය ගිය රැදවියෙකුගේ අවමංගල්‍යයට සහභාගී වී යළි නිවසට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව තවදුරටත් වාර්තා වෙනවා.

වෙඩි වැදීමෙන් 26 හැවිරිදි තරුණයෙකු මිය ගිය අතර, 29 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලැබුවා.

අ‍නෙක් පුද්ගලයින් තුන්දෙනාට වෙඩි වැදී ‍නොමැති අතර පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES