30 C
Colombo
Monday, April 21, 2025

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

- Advertisement -

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (10) නිකුත් කර තිබුණා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගනයේ සැක කටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදු කළ විමර්ෂනයක් පිළිබඳ ඊයේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ත කර තිබුණා.

එහිදී විමර්ශන නිලධාරීන් කියා සිටියේ, “WP C 24–0430” දරණ ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් කොළඹ පෞද්ගලික හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා ඇති බවට ලද තොරතරකට අනුව එම ස්ථානය පරික්ෂා කළ බවයි.

අදාළ BMW රථය පිළිබඳව හෝටලයේ ආරක්ෂක කළමනාකරුගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ, හෝටලයේ දීර්ඝ කලයක සිට නවාතැන් ගෙන සිටි ගාමිණී අබේරත්න නැමැති පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින අදාළ මෝටර් රථය එම ස්ථානයට ගෙනවිත් නැවතූ බවයි.

ගාමිණී අබේරත්න නැමැති පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බවත්, පසුව රැගෙන යන බව පවසමින් ජනාධිපතිවරණයට පෙර මෝටර් රථය රියදුරෙකු අතේ හෝටලයට එවූ බවයි.

පසුව, එම හෝටලයේ ආපනශාලා කළමණාකරු ලෙස සේවය කළ ප්‍රසිලා සමන්ති නැමැත්තිය හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී කාර් රථයේ යතුර ගෙන්වා ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

විමර්ශන නිලධරීන් අධිකරණයට කියා සිටියේ, මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියකියවිලි කිහිපයක් BMW රථයේ තිබී හමුවූ බවත්, මෝටර් රථය ලියාපදිංචියට අදාළ කිසිඳු ලේඛනයක් එහි තිබී හමුවී නොමැති බවයි.

අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් BMW රථයේ ගරාජ් අංකය වූ WP C 24 – 0430 දරණ අංකයේ ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පරික්ෂාවට ලක්කිරීමේදී එහි හිමිකාරිත්වය ලෙස සටහන්ව ඇත්තේ, නාවල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක්.

පසුව එම සමාගමේ හිමිකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකදී ඔහු පවසා ඇත්තේ, එම මෝටර් රථ අංකය 2024 මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තමන් මුදල් ගෙවා ලබාගත්ත ද, තමන්ට අයත් පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක තිබියදී කිසියම් තැනැත්තෙකු එම අංක තහඩුව සොරාගෙන තිබූ බවයි.

පසුව එහි චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරික්ෂා කිරීමේදී ඵම චැසි අංකයට අදාළ වාහනයක් නිත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉල්ලීම මත රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ ප්‍රශ්නගත කාර්රථය පරික්ෂාවට ලක්කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම කාර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවයි.

ඒ අනුව, විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවේ, බදු වංචා කරමින් නීති විරෝධීව මෝටර් රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිත කිරීම, සොරාගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවිකිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථයේ සවිකර නීති විරෝධිව භාවිත කිරීම යන වරදවල් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...