24 C
Colombo
Thursday, February 13, 2025

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

- Advertisement -

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීම බඩෝවිට අසංක නැමැත්තාගේ පාර්ශ්වය විසින් සිදුකරන ලද්දක් බවට සැකකරන බවයි.

මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ අලෙවිසැල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි අවිශ්ක නැමැත්තාගේ බාප්පාට අයත්වූවක් බව පොලීසිය පවසනවා.

ඩුබායි අවිශ්ක යනු තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස් මල්ලී නැමැත්තාගේ සමීපතමයෙකු බව සඳහන් වනවා.

කෙසේ නමුත් කොස් මල්ලි හා බඩෝවිට අසංක කලක සිට විරසකයකින් සිටින බව පොලීසිය පවසනවා.

එම විරසකයේ ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම පුද්ගලයින් 6 දෙනෙකු මේ වනවිට ඝාතනයට ලක්ව තිබුණා.

ඒ අනුව එහි තවත් දිගුවක් ලෙසින් කොස් මල්ලීට රිදවීමේ අරමුණින් මෙලෙස බඩෝවිට අසංක නැමැත්තා කොස් මල්ලීගේ සමීපතමයෙකු වන ඩුබායි අවිශ්කගේ බාප්පා ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මේ අතර ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යංශය පසුගියදා හොරොයින් කිලෝ එක හමාරක් හා කෙරළ ගංජා කිලෝ 4ක් සමගින් කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

ඉන් අත්අඩංගුවට පත් කාන්තාව ඩුබායි අවිශ්කගේ මව බව සඳහන්.

මෙම සිද්ධියේ විමර්ශ කටයුතු කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES