26 C
Colombo
Wednesday, January 22, 2025

ගාල්ල – දඩල්ල වෙඩි තැබිමේ තවත් තොරතුරු

- Advertisement -

පුද්ගල ඝාතන 5ක පමණ සැකකරුවකු වන පැතුම් නොහොත් ‘ලොක්කා’ ඊයේ (20) රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ගාල්ල – දඩල්ල ප්‍රදේශීයේදී ලොක්කා නැමැත්තා කාන්තාවක් සමග යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී ඔහුට වෙඩි තබා ඇති බවට වාර්තා වනවා.

ගාල්ල – දඩල්ල කනත්ත ආසන්නයේදී ඊයේ සවස 6.50ට පමණ එම වෙඩි තැබීම සිදුකර තිබුණා.

තවත් යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ බව සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ලොක්කා නැමැත්තා ගාල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර ඔහු සමග යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවට ද වෙඩිවැදී තුවාල සිදුව තිබුණා.

ගාල්ල, මැලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඝාතනයට ලක් වූ පුද්ගලයා, පුද්ගල ඝාතන 5ක පමණ සැකකරුවකු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවත් පොලීසිය පවසනවා.

පොලීසිය සැක පළ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී ඇති වූ ගැටුමක් මුල්කර ගිනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES