ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
එම හානිවූ , විශ්වවිද්‍යාලයේ දේපොළවල වටිනාකම් මෙන් තුන් ගුණයක් නිත්‍යානුකුලව අය කරගෙන ඊට අමතවර 25% අධිභාරයක්ද සිදුකර ඇති බවයි කාරක සභාව පෙන්වාදෙන්නේ.
ඒ අනුව එලෙස ගණනය කිරීම් අනුව අයකිරීම් වල වරදක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට සුදානම් බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙහිදී අදහස් දක්වමින් කාරක සභාවට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක සිසුන්ට පමණක් මෙෙලස දඩ අයකිරීම කෙතරම් සාධාරණද යන්න පිළිබඳව නැවත සිතා බලන ලෙසද කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට පවසා තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි මෙම කරුණු සාකච්ඡා වුණා.
ඒ අනුව විශ්වවිද්‍යාලයේ පුර්ණකාලීන තනතුරක් වන මුල්‍යාධිකාරි තනතුරෙහි කටයුතු කරන මුල්‍යාධිකාරිවරිය පෞද්ගලික සමාගමක විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරීමට නිදහස් කර ඇති බව කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක ද වැඩකටයුතු සිදුකිරීම සඳහා මෙම මුල්‍යාධිකාරිවරිය නිදහස් කර තිබෙන බව ලේඛකාධිකාරීවරයා සඳහන් කළා.
අමාත්‍යාංශයෙන් හෝ නොවිමසා එලෙස පුර්ණකාලීන තනතුරක සේවයෙහි නිරත පුද්ගලයෙක් නිදහස් කිරීමට තීරණය කිරීම ගැටලු සහගත බව කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් පෙන්වාදෙනවා.
තවද ඇයගේ 2024 වසරේදී දින 44ක පැමිණීමේ සහ පිටවීමේ සලකුණු සටහන් නොවීම සම්බන්ධයෙන් එය නිවරදි කරදෙන ලෙසට ලේඛකාධිකාරී වරයාගෙන් කළ ඉල්ලීමට ඔහු විසින් අනුමතිය ලබාදී ඇති බවද මෙහිදී අනාවරණය වුණා.
එමෙන්ම ව්‍යාපෘති කළමනාකාර තනතුර ප්‍රසිද්ධ දැන්වීමකින් හෝ ඉල්ලුම්පත්‍ර කැඳවීමකින් තොරව,නිසි බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.
ඒ අනුව කාර්යමණ්ඩල නව බඳවාගැනීමේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබදව සොයාබලා වාර්තාවක් සකස්කිරීමට කාරක සභා සභාපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.