31 C
Colombo
Friday, April 19, 2024

තවත් සහන දෙනවා..! – බැසිල්

- Advertisement -

කෙසේ හෝ මෙම අර්බුදකාරී තත්ත්වයන් ඉක්මනින් සමනය කොට, තවදුරටත් සහන ලබාදීමට ඉදිරියේදීත් කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් ‍රාජපක්ෂ පවසනවා.

ඒ, ගම්පහ පිහිටි බස්නාහිර පළාත්බද මහාධිකරණය වෙත අද (11) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු රජය විසින් රටේ පැන නැඟි අර්බුදයන්ට කඩිනම් විසඳුම් ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

තෙල් අර්බුදය මෙරට පාලනය විසින් ගොඩනැගූ දෙයක් නොවන අතර, කාලයෙන් කාලයට ලෝක විපර්යාසයන් මත අර්බුද හට ගන්නා බැවින් ඊට මෙරටත් මුහුණපෑමට සිදු වූ බවත් කොවිඩ් වසංගතය සමග යුක්‍රේන සහ රුසියානු යුද අර්බුදය තෙල් මිල දෝලනය වීමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...