30.9 C
Colombo
Thursday, April 25, 2024

මන්ත්‍රීවරු 120කට වඩා විශ්වාසභංගයට සහය දෙයි – ගම්මන්පිල

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120කට වැඩි පිරිසක් ව්ශ්වාසභංගයක දී සහාය දැක්වීමට සිටින බව තමා ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, සිය පක්ෂ කාර්යාලයේ අද (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරයේ ඔවුන් සිටින බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා,

“113 හදන කල් පොඩ්ඩක් ඉන්න කියලා අපි සජබ යෙන් ඉල්ලීමක් කළා. ඔන්න දැන්නම් 113 වෙනුවට 120ක්ම හැදිලා තියෙනවා. ඉතිරි 39ය 65ට එකතු කරාම දැන් 104යි. ඊට පස්සේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වර්තමාන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු දසදෙනෙක් ලිඛිත ප්‍රකාශයක් සිදුකළා. 104යි 10යි දැන් 114යි. 20 වන සංශෝධනයේ දී සිට ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි විපක්ෂයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු තුන්දෙනෙක් ආණ්ඩුවට ලබාදෙන සහාය ඉවත්කර ගෙන තමන්ගේ පක්ෂවලට යළි ගොණු වුණා. දැන් 114යි තුනයි 117යි.

ඒ වගේම, නාලක ගොඩහේවා ඇමතිතුමත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමත් කෝප් සභාපති චරිත හේරත් මන්ත්‍රීවරයාත් තමන් අන්තර්කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් තමන් වහාම ඉවත්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා. ඒ තුනත් එකතු කළාම දැන් 120යි. ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව ඉවත්විය යුතුයි කියන මතයේ දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 120ක්ම සිටිනවා. ඒ වගේම දැනට තමන්ගේ මතය ප්‍රසිද්ධ නොකළ පොහොට්ටුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් විශ්වාසභංගයක දී සහාය දැක්වීමට සිටින බව මම ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා.”

RECENT ARTICLES - SINHALA

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...