28.9 C
Colombo
Thursday, March 27, 2025

මාස එකහමාරකින් පාර්ලිමේන්තුවේ 150කට වඩා ගෙදර යවනවා – අනුර

- Advertisement -

ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පන්නල නගරයේ ඊයේ (14) පස්වරුවේ පැවති ජනරැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදුවන බවයි.

පාර්ලිමේන්තුව මේ වන විට විනයක් නොමැති, ත්‍රාඩයන්ගේ සහ මිනීමරුවන්ගේ තෝතැන්නක් වී ඇති බව අනුර කුමාර දිසානයක මහතා මෙහිදී අවධාරණය කළා

“රනිල් වික්‍රමසිංහ මොන තරම් අවලාද කිව්වත්. සජිත් ප්‍රේමදාස මොන තරම් අසත්‍ය කතා කිව්වත්. තවදුරටත් මේ ව්‍යාපාරයේ ගමන පරාද කරන්න බෑ. දැනගන්න රනිල් සජිත් ඔයාලා පරක්කු වැඩියි. Too late ‘දැන් පරක්කුයි. අපි ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මේ පාර්ලිමේන්තුවේ කුණුහරුප වලින් කෑ ගහනවා. මිනි මරලා හිරේ ගියපු, කප්පම් අරගෙන හිරේ ගියපු ත්‍රාඩයන්ගේ තෝතැන්නක් වෙලා තියෙන්නේ. ඕනේද මේ වගේ පාර්ලිමේන්තු.  මාස එකහමාරක් ඇතුළත මහ ඡන්දේ තියනවා. මේ ඉන්න පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා. අනිත් හැම එකක්ම සජිත් කොපි කරනවා. මේ ටික කොපි කරන්නේ නෑ.”

RECENT ARTICLES - SINHALA

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

POPULAR ARTICLES