27.5 C
Colombo
Wednesday, October 4, 2023

ආනයනය කරන ලද වාහන 300 කට වැඩි ප්‍රමාණයක් වරාය භූමියේ දිරයි (වීඩියෝ)

- Advertisement -

වාහන ආනයනය තහනම් කර තිබෙන තත්ත්වයක් තුළ මෙරටට ආනයනය කරන ලද වාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වරාය භූමියේ දිරාපත් වෙමින් පවතින බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

අවුවට වැස්සට හසුවෙමින් පැවතීම හේතුවෙන් මෙම වාහනවල වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බවයි වාර්තා වන්නේ.

පසුගිය 2020 මාර්තු මාසයෙන් පසුව රජය විසින් වාහන ආනයන තහනම පැනවීමෙන් පසුව මෙම වාහන ඇණවුම් කර ඇති නිසා මෙම වාහන රාජසන්තක කරනවාද, නැද්ද යන්න පිළිබඳව කරුණු විමසා ශ්‍රී ලංකා රේගුව මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මගින් රේගු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇතිතේ වාහන ආනයනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක තහනමින් නතුරුව ඇණවුම් කර ඇති මෙම වාහන දැනට ක්‍රියාත්මක නීතියට පටහැනි බවයි.

කොළඹ වරාය තුළ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ ජපානයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ ඒවා බවත් එලෙස ආනයනය කරන ලද වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් වරාය භූමියේ ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්නද සිල්වා මහතා සදහන් කරනවා.

මීට පෙර දී රජය සඳහන් කළේ තහනමට පටහැනිව ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි.

මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම වාහන සම්බන්ධ අවසන් තීරණය මුදල් අමාත්‍යංශය විසින් ගත යුතුව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...