30.3 C
Colombo
Thursday, April 25, 2024

පෙරේදා විරෝධතා 300ටත් වැඩියි – ඊයේ 96යි

- Advertisement -

පෙරේදා (04) දින රට පුරා විරෝධතා 300කට වැඩි ප්‍රමාණයක් සිදු වූවත් ඊයේ දින සිදුව ඇත්තේ ජන විරෝධතා 96ක් පමණක් බව වාර්තා වනවා.

කෙසේ නමුත් ඊයේ දිනයේත් රටේ වැදගත් ස්ථාන රැසක විරෝධතා සිදුවූ අතර පාර්ලිමේන්තු වටරවුම සහ නීතිපති දෙපාර්තුමේන්තුව ද ඊට ඇතුලත්.

මීට අමතරව, කොළඹ අලුත්කඩේ උසාවිය අසල විරෝධතාවයක් සිදුවූ අතර ඊට නීතීඥවරුන් 1500කට අධික ප්‍රමාණයක් සහභාගීව සිටීම විශේෂත්වයක්.

එමෙන්ම, 3000කට අධික ජන සහභාගීත්වයෙන් කුරුණෑගලදී විරෝධතාවයක් පැවති අතර ගාල්ලේ ස්ථාන 8ක ප්‍රධාන විරෝධතතා 12ක් සිදු විය.

මේ අතර, ඊයේ දින සමාජ මාධ්‍ය අමතම්නින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ දේශපාලඥයන්ගේ නිවෙස් ඉදිරිපිටට ගොස් ප්‍රශ්න කිරීම ඇරඹුවේ තමන් බවයි.

කෙසේ නමුත් මෙම ජන විරෝධතා තවත් සතියක් පමණ පවතිනු ඇති බවත් ඇය පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

රන් මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව, අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන්...

විල්ගමුව පොලිසියේ ගිනි අවියක් සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

විල්ගමුව පොලිස් ස්ථානයේ මාර්තු 25 වනදා අතුරුදන් වූ ටී 56 ගිනි අවිය සොරා ගත් බවට පුද්ගලයෙකු ඊයේ ( 24) සවස් කාලයේදී අරලගන්විල ප්‍රදේශයේදී...

මහින්දානන්දගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් ගිහින්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...