27 C
Colombo
Sunday, December 3, 2023

ඉන්දීය ඉන්ධන වලින් භාගයක් දැනටමත් ලබාගෙන අවසන් – Ceypetco

- Advertisement -

ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන මිලදීගැනීම සඳහා මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 50 න්, ඩොලර් කෝටි 29 ක් වටිනා ඉන්ධන මේ වන විටත් ලබාගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එම ණය ආධාර යටතේ වසරක කාලයක් තුළ ඉන්ධන ලබාගැනීමට හැකි බවත්, එම ආධාර යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කරගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි සභාපතිවරයා පවසන්නේ.

ඉන්දීය ණය ආධාර ක්‍රමයට අමතරව වෙනත් සැපයුම්කරුවන් සමඟ ද ණය ගිවිසුම් අත්සන් කර තිබෙන බව පැවසූ සභාපතිවරයා මෙම ණය යෝජනා ක්‍රමය අවසන් වූ පසුව ද එම සැපයුම්කරුවන් හරහා ඉන්ධන ලබාගත හැකි බවත් පවසනවා.

අප්‍රේල් මාසයේ දී මෙරට පරිභෝජනය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 2,10,000ක් අවශ්‍ය වේ යැයි අනුමාන කර ඉන් මෙට්‍රික් ටොන් 2,65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1,10,000ක් අවශ්‍යයැයි සිතා 1,54,000ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි ද දැනට ගොඩබාමින් ඇති නෞකාවේ ඇති ඩීසල් ප්‍රමාණයට අමතරව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හා දීර්ඝකාලීන සැපයුම් ගිවිසුම් අනුව මෙම මස 11, 12 දිනවල ඩීසල් මෙට්‍රික් ටොන් 30,000, 14, 15 දිනවල මෙට්‍රික් ටොන් 40,000 ක් 21, 22 දිනවල මෙට්‍රික් ටොන් 37,300ක් සහ 22,23 දිනවල තව මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට කටයුතු සලසා ඇති බව ද සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් ද ඒ අතර වන බව ද හෙතෙම සඳහන් කරනවා.

මේ හරහා ඇති ආරක්‍ෂිත ඩීසල් තොගය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...