28 C
Colombo
Sunday, October 1, 2023

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

- Advertisement -

යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් පිරිසක් අද (04) පස්වරුවේ මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.
SkyUp ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි මෙම පිරිසට සංචාරකයින් 97 දෙනෙකු අයත්.

මීට අමතරව පසුගිය 28 වැනිදා මෙරටට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායමෙන් 21 දෙනෙකු අද මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා.

අද පැමිණි කණ්ඩායම මෙරටට පැමිණි 4 වැනි යුක්‍රේන සංචාරක කණ්ඩායමයි.

මිට පෙර අවස්ථා තුනකදී යුක්‍රේන සංචාරකයින් දිවයිනට පැමිණියද ඔවුන් සම්බන්දයෙන් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (04) දින පොළොන්නරුව සහ සීගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබුණද මධ්‍යම සංස්කෘතික අරමුදල එම සංචාර අවලංගු කර තිබෙනවා.

යුක්‍රේන ජාතික සංචාරකයන් පසුගිය දා යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කිරීමෙන් අනතුරුව ඔවුන් එම සංචාරය රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු දින 14 ක නිරෝධායනයට යොමු කෙරුණා.
එමෙන්ම දිවයිනට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් අතරින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට මේ වන විට හදුනාගෙන තිබෙනවා.

මේ අතර විදේශිකයින් හරහා කොවිඩ් 19 වෛරසයේ විවිධ ප්‍රභේද රට තුළට ඇතුළුවීමේ අවදානමක් පවතින බැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ අදාල කරුණු අකුරටම පිළිපැදීම ඉතා වැදගත්වන බවයි.


වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...