මෙම වසරේ ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ජනවාරි පළමු දින සිට 26 දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 212,838ක් බවයි.
මෙම කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 37,383ක්.
එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය, ප්‍රංශය ඇතුළු රවලින් ද වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.