පසුගිය මැයි 11වන දිනට යෙදී තිබුණ ලෝක අම්මාවරුන්ගේ දිනයට සමගාමීව අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කල ” මදර් ලංකා ” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වුණා.
ඒ සැවෝයි සිනමා ශාලාවේදීයි.
මෙම සිනමාපටයෙන් නිරූපණය කෙරෙන්නේ, ආදරණීය අම්මා කෙනෙකුගේ හදවතේ තම දරුවා වෙනුවෙන් උපදින දාරක ප්‍රේමයත් , බැඳීම හා සෙනෙහසත් කුමන අවහිර බාධක පැමිණියද නොබිඳී නොසැලී තම ලෙයින් උපන් දරුවාගේ යහපත වෙනුවෙන් දහසක් දුක් ඉසිලූ මවකගේ කඳුළු කතාවක් ලෙසයි.
දක්ෂ බැඩ්මින්ටන් ශූරියක් වන එමී ලෝක ශූරතාවය දක්වා බාධක මැද රැගෙන යන දිරිය මවක වු ශාලු ගේ අනුවේදනීය කඳුළු කතාව “මදර් ලංකා ” ලෙසින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙනු ඇති.
මෙහි ශාලු ලෙසින් තරින්දි ප්‍රනාන්දු , එමී ලෙසින් සෙනුකි දිශල්‍යා ( හඳුන්වා දෙන ),සහ සත්‍යා ලෙසින් ධනංජ සිරිවර්ධන විශිෂ්ඨ රංගනයක යෙදෙන අතර , බිමල් ජයකොඩි , සනත් ගුණතිලක ,දිල්හානි අශෝකමාලා , හර්ෂිකා රත්නාය , ධර්මප්‍රිය ඩයස් , කළණ ගුණසේකර, චතුරංග කොඩිතුවක්කු, හේෂානි ලියදිපිට, මාදිනි මල්වත්ත, සරත් කොතලාවල ,කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායක වනවා.
තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසුරිය, කැමරාකරණයෙන් රංගන එස්. බණ්ඩාර ,අංග රචනයෙන් නයන උදිත්, කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙනුවන් , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න , සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන, සමූහ අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් හා නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහෙට්ටිආරච්චි එක්වී තිබෙනවා.