29 C
Colombo
Wednesday, July 17, 2024

දරුවන් තිදෙනා පොලිසියට භාරදි මවක් සියදිවි හානි කරගන්න හදලා (වීඩියෝ)

- Advertisement -

තම දරුවන් තිදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දී දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ තිදරු මවක් පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරීමට එහි නිලධාරිනියන් ඊයේ (09) කටයුතු කර තිබෙනවා.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි මෙම තිදරු මව ඊයේ පස්වරුවේදී දරුවන් තිදෙනා සමඟ හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බව පවසා තිබුණා.

පොලිසිය සඳහන් කළේ එහිදි ඇය විසින් වයස අවු 08,06,04 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙසද පැවසු බවයි.

අනතුරුව හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ දරුවන් තිදෙනා රදවා ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සා කිරිමේදි කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් එම තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාරදි, දරුවන් තිදෙනා පියා වෙත භාර දිමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළා.

මානසික ආතතියකින් පෙළෙන එම තිදරු මව (28) නිරන්තරයෙන් සැමියා සමග ආරවුල් ඇති කර ගන්නා බවත්, සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අයෙකු බවත්, පැවසෙනවා.

මානසික ආතතියකින් පෙළෙන බිරිද තමන්ට පාලනය කරගත නොහැකි බවත්, ඇය රෝහල් ගත කර වෛද්‍ය ප්‍රතිකාර කිරීමට කටයුතු කරන ලෙසට සැමියා (40) පොලිසියෙන් කළ ඉල්ලීමක් මත ඇයව දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යාම ප්‍රතික්ෂේප කල තිදරු මව පොලිස් නිලධාරිනියන් සමග නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් කටයුතු කිරීම නිසා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් ,හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේනගේ උපදෙස් මත තිදරු මව පොලිස් ජිප් රථයකින්ම රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහින්දගෙන් ඉඟියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු...

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම...

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...