24 C
Colombo
Sunday, January 19, 2025

කඳුකර කොටින්ගෙන් වතු කම්කරුවන්ට තර්ජනයක්

- Advertisement -

වටවල ෂැනන් වතුයායේ සැරිසරන කඳුකර කොටියන් සිව්දෙනෙකු හේතුවෙන් එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ ජිවිත දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.

වතු අධිකාරි අර්ජුන මැදගම මහතා පවසන්නේ තේ වත්තේ සැරිසරන එම කඳුකර කොටියන් පසුගිය සතිය තුල පමණක් වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයින් දස දෙනෙකු පමණ ගොදුරු කරගෙන ඇති බවයි.

එමෙන්ම, සුනඛයන් ගොදුරු කරගෙන තේ වත්තට රැගෙන ගොස් සුනඛයාගේ හිස පමණක් ඉතුරු කර ඉතිරි කොටස කා දමන බවද වතු අධිකාරිවරයා කියා පවසා තිබෙනවා.

තම වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ තේ ඇඹරීම් කටයුතු සිදු කිරීම රාත්‍රි කාලයේ සිදු කරන බවත්, වතු නිවාස වල සිට වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාව වෙත තේ වත්ත හරහා පැමිණීමේදී එම සේවකයින්ට කඳුකර කොටියන් මුහුණට මුහුණ හමුවන නිසා එයට බිය වී වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාවේ දෛනික වැඩකටයුතු වලට පැමිණිමෙන් වැළකී සිටින බවද වතු අධිකාරිවරයා සඳහන් කරනවා.

එමෙන්ම වන සතුන් දඩයම් කිරීම සඳහා ඇතැම් වතු කම්කරුවන් අටවනු ලබන කම්බි උගුල්වලට මෙම කඳුකර කොටියන් හසුවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් වත්තේ සැරිසරන කඳුකර කොටියන් අසල රක්ෂිතයට පළවා හැරීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරින්ගෙන් වතු අධිකාරිවරයා ඉල්ලා සිටිනවා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES