නත්තල් දිනයේ මත්පැන් සැපයීම සඳහා සංචාරක මණ්ඩලය විසින් අනුමත මත්පැන් බලපත්‍ර සහිත අවන්හල් සඳහා අනුමැතිය ලබා දෙන ලෙස සංචාරක අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටිනවා.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ සැලසුමට සමගාමීව එදින මත්පැන් අලෙවිය තහනම් කිරීම වෙනුවට නත්තල් දිනයේ මත්පැන් සැපයීමට අවසර ඉල්ලා ඇති බව සංචාරක අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසූ බවයි පුවත්පත වාර්තා කර සිටින්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලද පසු මේ සඳහා අනුමැතිය ලබාදිය හැකි බවයි.