29 C
Colombo
Thursday, April 18, 2024

2005දී විදුලි බල මණ්ඩලය විකුණන්න යද්දි බේරගත්තේ ජවිපෙයි – විජිත

- Advertisement -

විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා බවත් ඒ පව් වලට දැන් රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වග උත්තරකරුවන් වී ඇති බවත් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ඒ, අද (29) දින පාර්ලිමේන්තුවේදී විදුලි බිල වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අමතමින්.

පාලකයන්ගේ වැරදි වලට ජනතාවට වග කියන්න නොහැකි බව කී විජිත හේරත් මහතා දුප්පත් ජනතාව දුක් විඳිද්දී වැරදි තීන්දු ගත් පාලකයන් නිදැල්ලේ සිටින බව පවසනවා.

වැරදි ප්‍රතිපත්ති හා දේශපාලනඥයන්ගේ විවිධ ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල ලෙස විදුලිය පමණක් නොව ගෑස් ,ඉන්ධන ආදී සියල්ලේ මිල වැඩි වෙමින් තිබෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කරමින් සිටින බවත් IMF කොන්දේසි මත ලංවිම පෞද්ගලීකරණය කිරීමට සමාන පියවරක් 2005 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේ ජනතා විමුක්ති පෙරමුණ කැබිනට් මණ්ඩලයේ සිටියදී ජවිපෙ විසින් ව්‍යර්ථ කරන ලද බවත් ඔහු පවසනවා.

2022 මාර්තු 2 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවේ බදු සහන කපා හැරීම සහ නව බදු පැනවීම, රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම, පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිලයන් හඳුන්වාදීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම වැනි කොන්දේසි හතරක් පැහැදිලිව දක්වා ඇති නමුත් IMF කොන්දේසි අතරින් දූෂණයට එරෙහි සටන හැර අනෙකුත් වගන්ති පමණක් ක්‍රියාත්මක කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව ඉන්ධන, ගෑස් මිල සහ විදුලි බිල වැඩි කළ බව පැවසූ ඒ මහතා මෙම වැඩිවීම් පිටුපස ඇති සැබෑ තතු සඟවා නොගෙන රජය ප්‍රකාශ කළ යුතු බවද පැවසීය.

ආයතනය පෞද්ගලීකරණය කරනවා වෙනුවට විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට හේතු වූ කරුණු සොයා බලා විසඳුම් ලබාදිය යුතු බවයි වැඩිදුරටත් ඔහු පවසන්නේ


RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...