සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෘද රෝගයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
හරීන් ප්‍රනාන්දු මහතා මීට මාස කිහිපයකට පෙර හදවත් සැත්කමකට භාජනය කළ අතර පෙර ශල්‍යකර්මයෙන් ඔහුට සංකූලතා ඇති වී ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු ඊයේ (27) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නමුත් මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා තිබෙනවා.
එළැඹෙන සිකුරාදා හරීන් ප්‍රනාන්දු මහතාට තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතයි.