26 C
Colombo
Tuesday, August 9, 2022

මන්ත්‍රී උද්දික ජපානයෙ

- Advertisement -

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ජූලි 31 දා සිට අගෝස්තු 11 දක්වා ජපානයේ සංචාරයක නිරතව සිටින බව වාර්තා වනවා.

ඒ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්.

ජපානයේ රැඳී සිටින කාලය අතරතුර ඔහු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, විදේශ රැකියා සහ ප්‍රාථමික අධ්‍යාපන යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සහ සහයෝගීතා ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජපන් රජයේ ප්‍රධාන බලධරයින් කිහිපදෙනෙකුම හමුවීමට නියමිත බව පැවසේ.

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීම පිණිස, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කර්මාන්ත ගොඩනැගීමට සහ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය පුනර්ජනනීය බලශක්තිය බවට පරිවර්තනය කළ හැකි විවිධ තාක්ෂණික ක්‍රමවේද ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට එහිදී ඔහු ජපානයට ආරාධනා කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපනයනය ඉලක්ක කරගත් පොහොර නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව ද පැහැදිලි කළ මන්ත්‍රීවරයා, මේ අංශයේ ආයෝජන සලකා බලන ලෙස ද ජපානයට විවෘත ආරාධනාවක් කර සිටියා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර පාසල් අධ්‍යාපනය, ඉගැන්වීමේ ක්‍රමවේද සහ පහසුකම් ජපානයේ පෙර පාසල් අධ්‍යාපන පද්ධතියට සමානුරූපී තලයකට ගෙන ඒමට සහය ලබා ගැනීම පිළිබඳව ජපානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙහි විදේශ කටයුතු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, සංචාරක ජාතීන් පිළිබඳ අධ්‍යයන කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති, හිටපු පාර්ලිමේන්තු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සතෝෂි ෆුජිමරු සමඟ සාකච්ඡා කළ උද්දික ප්‍රේමරත්න මෙම හමුවීම් සංවිධානය කිරීමට සහය වූ ජපානයේ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳව සහ ප්‍රාදේශීය පුනර්ජීවන කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය, කොසො යමමොතෝ මහතා ද හමු විය. මෙම අවස්ථාවට ප්‍රේමරත්න මහතා සමග ජපානයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති සේසත් තාඹුගල මහත්මිය ද සහභාගී විය.

ජපානයේ ශ්‍රී ලංකා සංගම් හයක නියෝජිතයන් හමුවීම සඳහා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද සුහද හමුවකට ද අගෝස්තු 01 වැනිදා තානාපති කාර්යාල පරිශ්‍රයේදී සහභාගී වූ අතර 2022 අගෝස්තු 10 වැනි දා ඔහු ජපානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට ද අපේක්ෂා කෙරෙනවා.


RECENT ARTICLES - SINHALA

2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්

මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින්...

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...