33 C
Colombo
Tuesday, April 16, 2024

ඇවිදින මංතීරුවක මන්ත්‍රීවරුන් ගුටිකෙළියක (VIDEO)

- Advertisement -

නාවලපිටිය, ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදිවන ඇවිදින මංතිරුවක් අසල අද (12) ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඒ එම මංතිරු සම්බන්ධයෙන් සොයාබැලීමට එම ස්ථානයට පැමිණි නාගරික මන්ත්‍රීවරුන් අතරයි.

නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති, ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා, නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත අද දින පැමිණ තිබූ අතර එම අවස්ථාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසාදමා තිබූ බවයි වාර්තා වන්නේ.

එම පිරිස ක්‍රිඩාංගණය අසල රැඳී සිටියදී නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා සහ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහ ආධාරකරුවන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපතිවරයා සහ විපක්ෂ පිරිස අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.

ගැටුමෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුරට පරික්ෂණ පවත්වයි.

RECENT ARTICLES - SINHALA

ලිස්සන ගසක් කඩා වැටී 4ක් රෝහලේ

ගම්පොළ, ගම්පලවෙල, රජඇළගම ප්‍රදේශයේ ඊයේ (15) පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීන් ඇතුළු...

වැටුප් ගැටලුව ගැන මම හොයලා බලන්නම් – රනිල්

වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...