ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, නාට්යවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයත් ටවර් හෝල් රඟහල පදනම මගින් මාසිකව විශ්‍රාම දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවට එම අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඒ අනුව, 2025 ජනවාරි මාසයට අදාළ විශ්‍රාම දීමනාව ලබාදීම පසුගියදා මහරගම පිහිටි ඒ මහතාගේ නිවසේ දී සිදු කෙරුණු බව දක්වමින් ඊට අදාළ ඡායාරූපද මාධ්‍ය වෙත එවා තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්රේමරත්න තෙන්නකෝන්, ටවර් හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ (පාලන හා සංවර්ධන) නිපුන දිසානායක, සහකාර අධ්යක්ෂ (දෙමළ නාට්ය ප්රවර්ධන) ෂංමුග ෂර්මා ජයප්රකාශ් යන අය සහභාගී වී තිබුණා.
මේ වන විට අසනීප තත්ත්වයේ පසුවන ධර්මසිරි බණ්ඩාරනායක මහතාට මෙලෙස විශ්‍රාම වැටුපක් ලබාදී එම අවස්ථාවේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කිරීමත් බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබෙනවා.
ඒ මහතාගේ පෞද්ගලිකත්වයට හානිකෙරෙන ආකාරයෙන් මෙලෙස ඡායාරූප මාධ්‍ය වෙත එවීම බරපතල කාරණයක් වන බව ඇතැමුන්ගේ අදහසයි.
‘ඒකාධිපති, මකරාක්ෂයා, යක්ෂාගමනය, ධවල භීෂණ සහ ට්‍රෝජන් කාන්තාවෝ’ ඇතුළු සම්මානිත නිර්මාණ රැසක් බිහි කළ ධර්මසිරි බණ්ඩාරනායක මහතා ටවර් හෝල් රඟහල පදනමෙහි භාරකාර මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් දිගු කලක් කටයුතු කළා.