27 C
Colombo
Thursday, March 30, 2023

Mrs. Sri Lanka අවසන් තරඟයේ නිවේදන කටයුතු කල නිවේදකයාගේ රැකියාව අහිමිවෙයි

- Advertisement -

මතභේදකාරී ලෙස අවසන් වූ Mrs. Sri Lanka අවසන් තරඟයේ නිවේදන කටයුතු සිදුකල ජොයෙල් ෆැබියන් මහතාගේ රැකියාව අහිමිවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු MTV/MBC ආයතනයේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුගියදා පැවති Mrs. Sri Lanka තරඟාවලියේ නිවේදන කටයුතු සිදුකිරීම හේතුවෙන් සේවය අවසන් කර ඇති බවට වන දැනුම්දීමක් සිරස ආයතනයේ මානව සම්පත් කළමණාකරණ අංශය විසින් ජොයෙල් මහතා හට ලබාදී තිබෙනවා.

එලෙස වෙනත් උත්සවයක නිවේදන කටයුතු සිදුකිරීම සිය ආයතන නීති රීතිවලට පටහැනි බවත් එම නිසා ඔහුගේ සේවය අවසන් කර ඇති බවත් ජෙයෙල් මහතාව දැනුවත් කර ඇති බවට පැවසෙනවා.

කෙසේ වෙතත් මේ වන විට දැඩි මතභේදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන Mrs. Sri Lanka තරඟාවලිය හේතුවෙන් බොහෝ පිරිසකගේ කීර්තිනාමයට හානි ඇතිව තිබෙනවා.

ඊයේ (17) එම තරඟාවලියේ අවසන් තරඟකාරියන් 20 දෙනාගෙන් කිහිප දෙනෙකු සහභාගී වූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ Mrs. Sri Lanka තරඟාවලියේ සංවිධායකයින් තමන් හට බොරු කල බවයි.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...