25 C
Colombo
Friday, March 29, 2024

දවුලගල මහත්මිය මහබැංකු තනතුරෙන් ඉවත්කර බව නිල වශයෙන් නිවේදනය කරයි. නව පත්වීම ජේ.පී.ආර්. කරුණාරත්න මහතාට

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන ජේ.පී.ආර්. කරුණාරත්න මහතා සැප්තැම්බර් 15 වැනි සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරනවා.

මීට පෙර එම තනතුර හෙබවූයේ ශ්‍රී ලංකා මහ බැංකුව, සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ. දවුලගල මහත්මිය යි.

ඇය 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට එම තනතුර හෙබවූවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව දවුලගල මහත්මිය මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස මාස 34ක කාලයක් ද මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ලෙස මාස 36ක් තනතුරු හොබවා තිබෙනවා.

ශ්‍රී ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ට පවරන රාජකාරී, වගකීම් යනාදිය කළමනාකාරීත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ හා අවශ්‍යතාවලට අනුව කලින් කලට වෙනස්වන බවත් එම බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

නිලධාරීන් කලින් කලට මාරු කිරීමත් වෙනත් රාජකාරී පැවැරීමත් මූල්‍ය ආයතනයක අභ්‍යන්තර පාලනය පවත්වා ගැනීමටත් නිසියාකාරව පවත්වාගෙන යෑමටත් අත්‍යවශ්‍ය අංග බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්

නව පත්වීම ලැබූ ජේ.පී.ආර්. කරුණාරත්න මහතා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් වාණිජපති උපාධිය ලබාගෙන ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගෙන තිබෙනවා.

එමෙන්ම කරුණාරත්න මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකාර ගණකාධීකාරීවරුන්ගේ සංගමයේ (CIMA) හී ආදී විද්‍යාර්ථියකු වන අතර ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙක්ද වනවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...