27 C
Colombo
Saturday, May 24, 2025

පාකිස්තානයේ ලාහෝර් හි පිපිරීම් කිහිපයක්

- Advertisement -

අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරීම් වාර්තා වී ඇත්තේ වෝල්ටන් ගුවන්තොටුපොළ අසල ගෝපාල් නගර් සහ නසීරාබාද් ප්‍රදේශවලයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එම ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව නිවෙස්වලින් පලායන ආකාරය සහ ඒ අවට දුමින් පිරී ගොස් ඇති ආකාරය වාර්තා වී ඇති බවයි.

මූලික වාර්තාවලට අනුව, පකිස්තාන ගුවන් හමුදාවේ (PAF) පුහුණු අභ්‍යාසයක් අතරතුර මෙම පිපිරීම් සිදුවී ඇති අතර ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් තවමත් ලැබී නොමැති බව සඳහන් වනවා.

පිපිරීම් සිදුව ඇත්තේ පකිස්තාන නාවික හමුදා යුද විද්‍යාලයට ආසන්නව සහ ලාහෝර්හි ජනප්‍රිය මොඩල් ටවුන් උද්‍යානය අසල පිහිටි ඉහළ පෙළේ ප්‍රදේශයක බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...