32 C
Colombo
Monday, March 17, 2025

ඝාතනය කළ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවෙයි – ඝාතනයට කාන්තාවක් සම්බන්ධ බවත් හෙළි වෙයි?

- Advertisement -

ඝාතනය කළ බවට සැක කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා.

එම මෝටර් රථය එහි රැගෙන ආ යුවලක් විදෙස්ගත වී ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ඊයේ (01) දිනයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී කොළඹ ජනප්‍රිය නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරුවෙකු වන රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර සොයාගනු ලැබුවා.

මේ අතර ඝාතකයන් මේ වන රටින් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුර හමුවූ පිහිනුම් තටාකය ආසන්නයේ ලේ පැල්ලම් කිහිපයක් ද සොයාගෙන ඇති අතර ඒ හේතුවෙන් මෙය ඝාතනයක් විය හැකි බවට සැකපළ කරන බවයි පොලීසිය කියා සිටියේ.

ඒ අනුව මුලික පොලිස් විමර්ශනවලට අනුව සැකපළ කරන්නේ හිසට පහරදී ඝාතනය කර අනතුරුව සිරුර ඇදගෙන විත් පිහිනුම් තටාකයට දමා ඇති බවයි.

අදාළ පුද්ගලයා වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශය නිවසක පදිංචිව සිටින බවත් මෙම නිවස අලුත්වැඩියා කරමින් සිට ඇති බවත් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය ජනවාරි 30 වනදා සිට ඔහු අතුරුදහන්ව සිට ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එදින පස්වරු 5.30ට ඔහුට අයත් මෝටර් රථයක නැගී වැල්ලම්පිටියේ පිහිටි නිවසින් පිටත්ව ගොස් ඇති බව හෙළිව ඇති බව වාර්තා වනවා.

එදින රාත්‍රී 7ට පමණ ඔහුගේ නැගණිය මියගොස් ඇති ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් කිහිපයක් ගනු ලැබුවද ඒවාට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බවද අනාවරණය වී තිබෙනවා.

රාත්‍රී ආහාරය සැකසීම සඳහා තමන් මෙලෙස සිය සොහොයුරාට දුරකථන ඇමතුම් ලබාගත් බවයි අදාළ පුද්ගලයාගේ නැගණිය පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඉන් අනතුරුව 7.29ට පමණ මියගොස් ඇති ව්‍යාපාරිකයා නැවත සිය නැගණියට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවද වාර්තා වනවා.

එම ඇමතුමෙන් පසුව සිය සොහොයුරාගේ දුරකථන අක්‍රීය වීම හේතුවෙන් ඔහු අතුරුදහන් වී ඇති බව සඳහන් කරමින් ඔහුගේ නැගෙණිය විසින් අනතුරුව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පසුව ඇති වූ සැකය මත නැගණිය පවුලේ ඥාතීන් පැලවත්ත ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී තම සොහොයුරාගේ මළ සිරුර නාන තටාකයේ පාවෙමින් තිබෙනු දැක ඒ සම්බන්ධව පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් 4ක් අතුරුදන්ව ඇති බවයි.

එමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කර ගුවන් ටිකට් පත් 5ක් වෙන්කරගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඉන් ඉන්දුනීසියාව බලා යාමට ටිකට් පත් වෙන්කරගෙන ඇති බවද වාර්තා වනවා.

ඊට අමතරව ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කර කටුනායක ගුවන්තොටුපොළේ සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 5ක භාණ්ඩ මිලදී ගෙන ඇති බව හෙළිව තිබෙනවා.

මේ වන විට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව පොලීසිය සැකපළ කරන්නේ අදාළ ව්‍යාපාරිකයාගේ ඝාතනයට කාන්තාවක් සම්බන්ධ වී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...