25.6 C
Colombo
Saturday, July 19, 2025

මස්ක් ට්‍රම්ප්ගෙන් ගේම ඉල්ලලා;පක්ෂය පිහිටුවලා

- Advertisement -

ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය නිවේදනය කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙකු වූ ඊලොන් මස්ක් පසුව දෙදෙනා අතර ඇතිවූ මතභේදයෙන් පසුව ට්‍රම්ප්ගෙන් වෙන් වූ අතර එහිදී ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සිය පරිශීලකයින්ගෙන් විමසීමක් සිදුකරනු ලැබුවේ එක්සත් ජනපදයට නව දේශපාන පක්ෂයක් තිබිය යුතුද යන්නයි.

එම සටහනට මත විමසුම් ලැබෙමින් පැවැති අවස්ථාවක මස්ක් ඊයේ (05) සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ “2 ට 1 ගුණයකින්, ඔබට නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය වන අතර ඔබට එය ලැබෙනු ඇත!” යනුවෙනි.

ඒ අනුව ‘අමෙරිකානු පක්ෂය’ නමින් නව පක්ෂයක් දියත් කර ඇති මස්ක් එහිදී සඳහන් කර ඇත්තේ අමෙරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් මෙන්ම නිදහස නැවත ලබා දීමට තමන් මෙලෙස නව පක්ෂයක් ආරම්භ කළ බවයි.

සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ නොව එක් පක්ෂ ක්‍රමයක ජිවත්වන බවත් තම පක්ෂය නැවත නිදහස ලබාදීම සඳහා පිහිටුවා තිබෙන බව සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මස්ක්ගේ පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමග විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න මෙතෙක් වාර්තා වී නැති අතර ඔහු එක්සත් ජනපදයෙන් පිටත උපත ලැබූ නිසා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරග කිරීමට සුදුසුකම්ද ලබා නැහැ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවට ගෙන එන ලද නව බදු පනත සම්බන්ධව විවේචන ඉදිරිපත් කිරීම හේතුවෙන් දෙදෙනා අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ අතර එහිදී ඊලොන් මස්ක් විසින් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළා.

එහිදී ට්‍රම්ප්ගේ අදාළ පනත් කෙටුම්පතට සහාය දුන් නීති සම්පාදකයින් නෙරපා හැරීම සඳහා තමන් මුදල් වියදම් කරන බවත් මස්ක් මීට පෙර පවසා තිබුණා.

කෙසේ වෙතත් දෙදෙනා අතර මතුව ඇති මෙම දැඩි මතභේදාත්මක තත්ත්වය හමුවේ ට්‍රම්ප් විසින් පසුගියදා තර්ජනය කරන ලද්දේ ඊලෝන් මස්ක්ගේ සමාගම්වලට ෆෙඩරල් රජයෙන් ලබා දෙන ඩොලර් බිලියන ගණනක සහනාධාර කපා හරින බව පවසමින්.

එමෙන්ම මස්ක්ගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමටද ට්‍රම්ප් සූදානමින් සිටින බවද මින් පෙර වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත් දෙදෙනා අතර මතුවන මෙම ආරවුල 2026 වසරේදී මධ්‍යකාලීන කොංග්‍රස් මැතිවරණයේදී ඔවුන්ගේ බහුතරය ආරක්ෂා කර ගැනීමේ අවස්ථාවට හානි සිදුවිය හැකි බවට මේ වන විට ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ පිරිස් කනස්සල්ල පළ කර තිබෙනවා.

මෑතක් වන තුරුම මස්ක් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වූ අතර, පසුගිය වසරේ මැතිවරණ රැලිවලදී ඔහු නිතර දක්නට ලැබුණා.

එමෙන්ම ට්‍රම්ප්ගේ මැතිවරණයේදී ප්‍රධාන මූල්‍ය ආධාරකරුද වූ මස්ක් ට්‍රම්ප් නැවත ජනාධිපති ධුරයට පත්වීමට උපකාර කිරීම සඳහා අමරෙිකානු ඩොලර් මිලියන 250ක් විදයම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අවලංගු කෙරේ

80 හැවිරිදි කාන්තාවකට පනවා තිබූ මරණ දඬුවමක් අභියාචනාධිකරණය විසින් ඊයේ (18) බල රහිත කර තිබෙනවා. හම්බන්තොට මහාධිකරණය විසින් මෙම මරණ දඬුවම පනවා තිබුණා. 1993 වසරේ...

රුවන්වැල්ලේ ගමනාගමනය සීමා කෙරේ: රියදුරන්ට නිවේදනයක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන්  අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද...

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

POPULAR ARTICLES