33 C
Colombo
Thursday, April 18, 2024

මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව සමග රහස් ගනුදෙනුවක?

- Advertisement -

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයට නොදන්වා ආණ්ඩුවේ රැස්වීමකට සහභාගී වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සත්‍ය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවරක් ගන්නේ යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘නිව්ස් 19’ ට අද(15) පැවැසීය.

මෙම පුවත තමන් දැනගත්තේ ද ජනමාධ්‍ය මගින් යැයි ද එවැනි පියවරකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කිසිදු ආශිර්වාදයක් නැතැයි ද එම ජ්‍යෙෂ්ඨයා කීය.

විසි වැනි සංශෝධනයට සහාය පළ කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට පසුගියදා සහභාගී වී ඇති බවට මේ වනවිට මාධ්‍ය වාර්තා පළ වෙමින් පවතී.

කෙසේ වෙතත් විසි වැනි සංශෝධනයට සහාය පළ කළ මන්ත්‍රීවරුන් පිරිස මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත යුතු බවට පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන තිබූ නමුත් මෙතෙක් එවැන්නක් ද සිදු නොවීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සමගි ජනබලවේගයේ නිලධාරියකු පැවසුවේ මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව සමග රහස් ගනුදෙනුවක් කරන්නේ නම් සිය පක්ෂය ඉක්මනින් තීන්දුවක් ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

සැකකරුවෙක් උසාවි භූමියේදී පැනලා ගිහින්

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් තිබෙන බවට වාර්තා...

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...