24 C
Colombo
Thursday, March 30, 2023

“මුතුරාජවෙල විනාශය පසුපස දේශපාලකයන් ” – පරිසර ඇමැති

- Advertisement -

මුතුරාජවෙල පරිසර විනාශයට ප්‍රාදේශීය දේශපාලකයන් හා පාතාලය මෙන්ම පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පවා සම්බන්ධ යැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

කෙසේ වෙතත් අදාළ ඉදිකිරීම් සිදුකරන කටයුත්තට පරිසර අනුමැතියක් ලැබී නැතැයි ද ඇමැතිවරයා කියයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මුතුරාජවෙල මුතුරාජවෙල ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු අක්කර 700ක පමණ භූමි ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරික කටයුත්තක් සඳහා ආණ්ඩුව විසින් පෞද්ගලික සමාගමකට පවරා දී ඇති බව පවසමින් කාදිනල් හිමියන් විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

පරිසර විනාශයකට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් තමාට සොයා බලා වාර්තා කරන්නැයි පොලිසියට කළ දැනුම්දීමකට අද වනතුරු තමාට ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද එහිදී ඇමැති අමරවීර මහතා පැවැසීය.

මුතුරාජවෙල ප්‍රදේශයේ දැවැන්ත පරිසර විනාශයක් සිදුවන මෙම ව්‍යාපෘතියට තමන් විරුද්ධ බවත් රටේ නීතියට යටත්ව ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවටත් ගෙදර යන්නට සිදුවනු ඇති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පැවැසුවේ පසුගියදාය. 

පාලකයන්ට රට බාර දී ඇත්තේ වසර පහකට පමණක් යැයි ද නීති රීතිවලට අනුව වගකීම ඉටු නොකරන්නේ නම් පාලකයන්ට පාරට බහින්නට සිදුවනු ඇතැයි ද එහිදී කාදිනල්හිමියෝ පැවැසූහ.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...