28.4 C
Colombo
Friday, April 26, 2024

මුතුරාජවෙල හෙලිකොප්ටර් අංගනය: පර්චසය රු. 500ට විකුණලා

- Advertisement -

මුතුරාජවෙල පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (COPA කමිටුව) අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස‍යි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට COPA කමිටුව දැනුම්දී ඇත්තේ.

එමෙන්ම, අනවසරෙන් මුතුරාජවෙල තෙත්බිම් කලාපයට ඇතුළුවී පරිසර පද්ධතියට බලපෑම් වන ආකාරයෙන් සිදුවන ක්‍රියාකාරකම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙසත් පරිසරයට බලපෑම්වන ව්‍යාපෘතිවල බලපත්‍ර අත්හිටුවන ලෙසත් කමිටුව අදාළ අංශවලට උපදෙස් දෙන ලදි.

මුතුරාජවෙල වගුරු බිමෙන් පර්චස් 65,102ක් පර්චසය රුපියල් 500 බැගින් මිලදී ගැනීමට පෞද්ගලික සමාගමක් කටයුතු කිරීම සඳහා උදව් කළ ගොවිජන සේවා නිලධාරීන්ට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බව පෙන්වා දුන් කමිටුව නාගරික සංවර්ධන අධිකාරියට සහ අදාළ පළාත් පාලන ආයතනවලට නියෝග කළේ කඩා ඉවත් කෙරෙන ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය මුතුරාජවෙල පරිසර කලාපයට බැහැර කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසයි

හෙක්ටයාර් 6,232ක් වන මුතුරාජවෙල රක්ෂිතයේ හෙක්ටයාර් 3,068 ක් පාරිසරික වශයෙන් වැදගත් තෙත් බිම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව කමිටු වාර්තාවේ දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...