ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් තමන් රචනා කළ පොත ඇතැමුන්ට විනෝදයක් වී ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කරන්නේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමේ තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වුවත් එම චෝදනාවද තමන්ගේ පිටට දැමූ බවයි.
තමන් මහබැංකු ධූරය දරණ කාලයේ ඉතා අඩු අගයක පැවති පොලී අනුපාතය මේ වන විට අධික ලෙස ඉහළ දමා ඇති බැවින් ව්‍යාපාර කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.
මෙම කාරණා ඇතුළු කරුණු රැසක් තමන්ගේ ග්‍රන්ථයේ අඩංගු බැවින් එය රැගෙන කියවන්නැයි ජනතාවට ආරාධනය කරන කබ්රාල් මහතා තවත් වරෙක පැවසුවේ එම ග්‍රන්ථය නොකියවා ආර්ථිකය ගැන අධ්‍යයනය කරන ලෙසයි.
ඊට අදාළ දර්ශන පහතින්,
https://fb.watch/h3ZB0VJjCo/