29 C
Colombo
Friday, March 29, 2024

මගෙ ගෙදර තිබුණෙ මුචලින්ද නාරජුගෙ විල ඉස්සරහමයි (VIDEO)

- Advertisement -

තමන් බුද්ධගයාවේ ඉපදී මුචලින්ද නාග දරණය සිදුවූ ග්‍රාමයේ හැදී වැඩුණද තමන් වහන්සේ කුඩා කාලයේදී බුදුදහම ගැන නොඅසා තිබූ බව ඉන්දියාවේ හින්දු පවුලක ඉපදුණු භන්තේ නිරෝධ හිමියන් පවසනවා.

මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පවසා සිටියේ එම පෙදෙස සහ රාජායතණය සිදු වූ අසල පෙදෙස මේ වන විට මුළුමනින්ම හින්දු ප්‍රදේශයක් බවට පත්ව ඇති බවයි.

මුචලින්ද නා රජු සිටි විල අසලම තම නිවස තිබුණත්, බුද්ධගයාව කිලෝ මීටර් 1.5ක් පමණ මෑතින් තිබුණත් බුදුන් වහන්සේ ගැන අසා තිබුණේ අංගුලිමාල දමනය වැනි කතා කිහිපයක් පමණක් බවයි උන්වහන්සේ පවසන්නේ.

රෝෂන් කුමාර් ලෙස ගිහි කල වෙසෙද්දී තමන්ගේ මිත්‍රයෙක් යොමු කළ නිසා තමන්වහන්සේ බෞද්ධ දහම්පාසලක් වෙත යොමු වූ බවත් එහිදී තමන් වහන්සේට යහපත අයහපත සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට ලද බවත් උන්වහන්සේ පවසනවා. එම සම්පූර්ණ වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

නව විදුලිබල පනත ළඟදීම

නව විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉදිරි සති දෙක තුළ ගැසට් කර අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා...

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...