24 C
Colombo
Saturday, May 24, 2025

මගේ මානව හිමිකම් කඩවෙලා – ජනපති අපේක්ෂකයෙකුගෙන් පැමිණිල්ලක්

- Advertisement -

මැතිවරණ කොමිසමේ හම්බන්තොට සහකාර කොමසාරිස්වරයා අපේක්ෂකයකු වන තමාගේ පස්සෙන් පැන්නීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් පවසමින් ජනාධිපති අපේක්ෂකයෙකු වන ප්‍රේමසිරි මානගේ මහතා පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

‘දිවයින’ වාර්තා කළේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමට තමාට අයිතියක් ඇති බව හුවා දක්වමින් ඔහු විසින් ඊයේ (17) දහවල් 1.30ට පමණ තිස්සමහාරාම පොලිසියට මෙම පැමිණිල ගොනු කර ඇති බවයි.

මෙවර ජනාධිපති වරණය සදහා තමා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින බවත් 17 වැනිදා තමන් පන්නෙගමුව ප්‍රදේශයේ සංචාරයක නිරත වු බවත්,එහිදි එම ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් සාකච්ඡාවක නිරතව සිටි බවත් ඔහු සිය පැමිණිල්ලේ  සඳහන් කර තිබෙනවා.

එම පිරිස වචන කිහිපයක් කතාකර යන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්,එය ප්‍රථික්ෂේප කළ නොහැකි නිසා තමන් ඔවුන් හමු වි කෙටි වේලාවක් කතාකර එම ස්ථානයෙන් පිටව ගිය බවත් ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙනවා.

තමන් එම ස්ථානයෙන් පිටව ගිය පසු එම ස්ථානයට පැමිණ ඇති හම්බන්තොට මැතිවරණ කාර්යාලයේ නිළධාරීන් දෙදෙනෙකු හා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ තමා පිළිබදව විමසා ඇති බවත්,එම විමසිම තුළ තමා අපරාධ කරුවෙකු ලෙස හුවා දක්වමින් තමාගේ කීර්ති නාමයට බලවත් හානියක් සිදුකර ඇති බවත් ප්‍රේමසිරි මානගේ මහතා අවධාරණය කරනවා.

ඔහු තවදුරටත් පෙන්වා දී ඇත්තේ මැතිවරණ නිළධාරීන් පැමිණි එළෙස ප්‍රශ්ණ කිරීම හමුවේ එම අවස්ථාවේ එහි සිටි ජනතාවද භීතියට පත්ව ඇති බවයි.

ඒ අනුව තවත් අයෙකු මේ අයුරින් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීමට මැතිවරණ නිළධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බව ප්‍රේමසිරි මානගේ මහතා සිය පැමිනිල්ලේ සඳහන් කර තිබෙනවා.  

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් හම්බන්තොට මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පැමිණිල්ලක් සිදුකළ බව කියන අපේක්ෂකයා දිගින් දිගටම මැතිවරණ ආචාර ධර්ම කඩකිරිම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයකට අදාළව ඔහු හමුවට ගිය නමුත් ඔහු හමුවිය නොහැකි වු බවයි.

සිදුකර ඇති පැමිණිල්ලට අනුව කිසිදු අපහාසයක් හෝ ඔහුගේ මානව හිමිකම් කඩ කිරිමක් සිදු නොවු බවද මැතිවරණ ආරවුල් නිරාකරණය මධ්‍යස්ථානය අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES